කලා ලෝකයම කම්පාවට පත් කරමින් පසුගියදා අසන්නට ලැබුණු සුභාෂිනී බාලසුබ්‍රමනියම්ගේ අකල් මරණය ගැන තවමත් විවිධ කතාබහ පැතිරෙනවා. ඉන්දියාවේ "කයාල්" (Kayal) වැනි අතිශය ජනප්‍රිය ටෙලි කතා මාලාවලින් ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඇය, ශ්‍රී ලාංකික සම්භවයක් සහිත තාරකාවක් වීම විශේෂත්වයක්.
ඇයගේ උපන්දිනය යෙදී තිබුණේ අද වැනි දිනක (අප්‍රේල් 12) වීමත්, ඇයගේ දෙවන විවාහ සංවත්සරයද මේ මසට යෙදී තිබීමත් නිසා මේ මරණය පිටුපස කිසියම් අභිරහසක් තිබේදැයි ඇගේ රසිකයන් ප්‍රශ්න කරනවා. මේ වන විට ඉන්දීය පොලිසිය පරීක්ෂණ පවත්වන අතර, ඇගේ සමීපතමයන්ගෙන් ප්‍රකාශ ලබාගනිමින් පවතින බව ආරංචි මාර්ග පවසනවා. ලංකාවේ කලාකරුවන් රැසක්ද ඇගේ වියෝව ගැන සිය ශෝකය පළ කර තිබෙනවා.
කලා ලොවේ කම්පනය - සුභාෂිනීගේ සමුගැනීම
සම්බන්ධ ගොසිප්